ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැති මණ්ඩලයට සුපුරුදු පරිදි රාජකාරී කිරීමට ඉඩ සලසන්නැයි හිටපු මහ ඇමැති ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ඌව නව ආණ්ඩුකාරවරයාගෙන් ලිපියකින් ඉල්ලා ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, චාමර සම්පත් දසනායක, සෙන්දිල් තොන්ඩමාන් හා සභා නායක සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු නීතිඥවරුන් මාර්ගයෙන් මේ ලිපිය ඉදිරිපත් කළහ.
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත පත්කළ ආකාරය පූර්වාදර්ශයට ගෙන මේ පිළිබඳව කටයුතු කරන්නැයි නීතිඥ සුජීව ජයසිංහ හා හේමින්ද දයාවංශ මහත්වරු ඉල්ලති.
නව ආණ්ඩුකාරවරයා මෙතෙක් වැඩ බාරගැනීමට පැමිණ නැති හෙයින් ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා වෙත බාරදුන් බවද නීතිඥවරු පැවසූහ.

