ශෂී වීරවංශට ඇප


විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ ඇප මත   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.

රුපියල් 15000ක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඇයට දැනුම් දුන් මහේස්ත්‍රාත් හැම සිකුරාදාවකම අධිකරණයේ ලේඛකාධිකාරී හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ශෂී වීරවංශ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රියකින් රැගෙන එනු ලැබුවාය. රහස් පොලිසිය පැවසූයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇය ලබා ගත් හැදුනුම්පත් ගැන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

1967 උපන් දිනයක් වෙනුවෙන් ජාතික හැදුනුම්පතක් ලබා ගත් බව හෙළි නොකර 1971 උපන් දිනයක් වෙනුවන් තවත් හැදුනුම්පතක් ලබාගෙන ඇතැයි එම වාර්තාවෙන් කියවෙයි.

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මහේස්ත්‍රාත් පිලපිටිය මහතාට පැවසුවේ තම පුතාත්, විමල් වීරවංශයේ පුතාත් කොළඹ ආනන්ද විදුහලේ එකම පන්තියේ ඉගෙන ගන්නා බවයි.

විමල් වීරවංශගේ පුතා මාස තුනකින් පාසල් පැමිණ නැති බවත්, ඊට හේතුව කුමක්දැයි තම පුතා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.

එම සිද්ධිය දරුණු අපරාධයක් නොවන හෙයින් ශෂී වීරවංශට ඇප දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

නඩුව ලබන 15 වැනි දා ට කල් තැබූ මහේස්ත්‍රාත් සාක්කිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස අවවාද කළේය.

දේශපාලන රැස්වීම් පවත්වන ආකාරයට උසාවිය අසළ රැස්වීම් නොපවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා හිටපු අමැති විමල් වීරවංශට අවවාද කළේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප ශාන්ත රත්නායක)

DSC_0718

DSC_0744 DSC_0748 DSC_0749

DSC_0683 DSC_0692