(නිමන්ති රණසිංහ)
විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) අධිකරණයේ දී කරුණු වාර්තා විය.
සිය විදෙස් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතේ සඳහන් උපන් දින වෙනස් වීම හේතුවෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ඇය එම ලේඛන අධිකරණයට බාරදී තිබිණි.
ඇගේ විදෙස් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියට නියෝග කළේය.

