ශෂී වීරවංශගේ නඩු දෙක නොවැම්බර් 20ට කල් යයි


(නිමන්ති රණසිංහ)   
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) තීරණය කළේය.
මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා වෙනත් නඩුවක් සදහා කොළඹින් බැහැරව අධිකරණය හමුවේ පෙනී නොසීටීම හේතුවෙන් සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් තබන ලෙසට විත්තියෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙලෙස තීරණය කළේය.
එසේම, අවස්ථා තුනකදී විත්තිය විසින් මේ අයුරින් සාක්ෂි විභාගය සදහා සූදානම් නොවීමේ හේතුවෙන් සාක්ෂි ලබාදීමට පැමිණී සාක්ෂිකරුවන් මෙන්ම අධිකරණයද අපහසුතාවයට පත්වූ බවත්, ඒ හේතුවෙන් මින් ඉදිරියට මෙවන් ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සාක්ෂි විභාගය කල් තැබීමට කිසිදු දිනයක් ලබා නොදෙන බවත් මහේස්ත‍්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට අවවාද කරමින් එලෙස දින ලබා දෙනු ලැබීය.