ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට යති


 

(ප්‍රසාද් රුක්මල්)

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර තබුත්තේගම ප්‍රදේශයෙදී කළ කථාවකට  ඌව පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවු බවට  විරෝධය පළකර මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ අත්සන් සහිතව පළාත් සභා මන්ත්‍රී චමින්ද ජානක මහතා විසින් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් අද (23) ප්‍රතික්ෂේප විය.

ආණ්ඩු පක්ෂයේ සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ, සභානායක සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුන් තිදෙනාම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන් ගත්හ.

මන්ත්‍රී වරප්‍රසාද කඩ වී මන්ත්‍රීවරුන්ට අපහස වී ඇති හෙයින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යධුරයට ඉවත් කරන ලෙසට ඉල්ලමින් විශ්වාසභංග යෝජනාවක් සභාපතිවරයාට බාරදුන්හ.

මෙහිදි විපක්ෂයේ ජයසිංහ බණ්ඩාර මන්ත්‍රීවරයා එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් කී දෙනෙකු අත්සන් කර තිබෙනවාද එය සභාපතිවරයා පිළිගන්නවාදැයි විමසා සිටියේය.

 


(36698) 

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්