ශවේන්ද්‍ර සිල්වා ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි තනතුරට


කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම මධ්‍යස්ථානයෙන්, වයිරසය මැඬලීම සම්බන්ධයෙන් කළමනාකරණ කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ මහජනයා සම්බන්ධයෙන් වන අනෙකුත් සේවා පාලනය කරනු ඇත.