තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති ශලීල මුණසිංහ මහතා හෙට (11) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී මෙම වංචාව සිදු කළ බව කියන මුණසිංහ මහතා නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියට බාරවී තිබිණි.
මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.
(ඡායාරූප-ඉෂාන් සංජීව)



