ශනිල් නෙත්තිකුමාරට ඇප


(ෂෙහාන් චාමික සිල්වා)

බැඳුම්කර කොමිසමේ දී  හිටපු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි සාක්කි දුන් අනිකා විජේසුරියගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ල කළැයි  සිතාසි ලබා සිටි සැකකරු ශනිල් නෙත්තිකුමාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 

සැකකරු ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත  මුදා හැරිණි.

මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් විමර්ශන  සිදුකරනු ලබයි.

ශනිල් නෙත්තිකුමාර හට හෙට (5)  දිනයේ සිඅයිඩියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.