වොලිබෝල් මුල් පුටුවට තරග වදින්න වත්මන් සභාපතිට කී‍්‍රඩා ඇමැති අනුමැතිය
කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් අනුව දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීම සීමා කිරීමට තීරණයක් තිබුණත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතාට පිට පිට හත් වැනි වසරටත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තාවේ.
වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25 වැනිදා පැවැත්වීමට දැන් තීරණය කර තිබේ. ඇමැති ඩිලාන් පෙරේරා මහතා වොලිබෝල් මුල් පුටුව හොබවන්නේ වසර 2005 සිටය. එදා සිට නිතරගයෙන් තනතුර හොබවන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඒ සඳහා තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කරයි.
මෙවරත් ඇමතිවරයා වොලිබෝල් මුල් පුටුවට නිතරගයෙන් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මෙතෙක් දින යොදා ගෙන නොතිබුණත් වොලිබෝල් සම්මේලනයේ වත්මන් නිලධාරි මණ්ඩලය මෙවරත් තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවත් වාර්තාවේ.
ඒ අනුව වත්මන් ලේකම් සුසිල් රණසිංහ මහතාත්, භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ මහතාත් තවදුරටත් එම ධුරවල කටයුතු කිරීම සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති.
දැනට එහි උප සභාපති ධුර දරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම, පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා, සුගතදාස කී‍්‍රඩා පාලක සභාවේ සාමාජික මහින්ද බණ්ඩාර හා එයාර් වයිෂ් මාර්ෂල් රොහාන් පතිරගේ යන මහත්වරුන්ට අමතරව වොලිබෝල් සම්මේලනයේ මීට පෙර තනතුරු දැරූ හිටපු නිලධාරීන් කීපදෙනකුත් මෙවර උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති.
එසේ වුවහොත් ගියවර නිලවරණයේදී මෙන් මෙවර නිලවරණයේදීත් උප සභාපති තනතුරු සඳහා තරගයක් පැවැතීමේ අවස්ථාවක් තිබේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25 වැනිදා පෙරවරු 10ට ඔලිම්පික් නිවසේදී පැවැත්වීමට දැන් සැලසුම් කර තිබේ.
මේ අතර දේශපාලනඥයන් ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීමේ සීමා පැනවීම සම්බන්ධයෙන් ජාතික කී‍්‍රඩා සංගම් ගණනාවකින් එල්ලවූ විරෝධතා සැලකිල්ලට ගත් කී‍්‍රඩා ඇමැතිවරයා සිය අභිමතය පරිදි දේශපාලනඥයන්ට ඒ සඳහා අනුමැතිය දීමට එකඟවී සිටියි. ඇමැතිවරයා මීට පෙර අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට පැවසුවේ වොලිබෝල් පරිපාලනය වඩාත් හොඳින් පවත්වාගෙන යන ඇමැති ඩිලාන් පෙරේරා මහතා වැනි පුද්ගලයන්ට වන අසාධාරණය වළක්වා ගැනීම සඳහා සිය අභිමතය පරිදි ඔවුන්ට ජාතික කී‍්‍රඩා සංගම්හි තනතුරු දැරීම ගැන තමන් විරුද්ධ නොවන බවයි.

