වොක්ස්වැගන් ලංකාවටත්


ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.