වෛරී එස්එම්එස් යැව්වොත් අත්අඩංගුවට


සිංහල හා මුස්ලිම් ජනයා අතර අසමගිය හා වෛරය ඇති කරන එස් එම් එස් පණිවුඩ යැවූ බව කියන සිව්දෙනකු කොළඹ, පන්නල හා දෙහිවලින් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයකු මුලින්ම මීගමුවේ පදිංචිකරුවකුට එවැනි පණිවුඩයක් එවා ඇතැයි ද ඉන් පසු එය තවත් සිව් දෙනකු අතට පත්වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පරීක්ෂණ රහස් පොලිසියට භාර දී ඇත.