වෛරස් උණෙන් තවත් දෙදෙනෙක් මරුට


(ජේ.කේ.එල් චාමින්ද)

 
ඉන්ෆලුවෙන්සා  වෛරස් උණ වැළදීමෙන් ඉකුත් දෙදින තුළ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.


අද (26) අලුයම හා ඊයේ (25) රාත්‍රී මෙම  කුඩා දරුවන් දෙදෙනා මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. 


මියගොස් ඇත්තේ මාස හයක හා අවුරුදු එකහමාරක පමණ වියැති කුඩා දරුවන් දෙදෙනෙකු  බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

එම කුඩා දරුවන් රන්න හා මාතර යන ප්‍රදේශවල පදිංචි අය බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා මේ වනවිට  වෛරස් උණ රෝගී තත්වයෙන් කුඩා දරුවන් 10 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් දරුවන් නම දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවු සංකුලතාවයෙන් බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.