ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රසුන් දහනායක
වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය අද (07) තීරණය කළේය.
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ සිසු සිසුවියන් විශාල පිරිසක් උණ වැලදී අසනීප වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ නමුත් එම පීඨයේ පලමු වසරේ සිසුන්ට එම වෛරස් උණ පළමුව වැලදී තිබූ අතර එම නිසා ඔවුන්ට ඉකුත් සදුදා (04) සිට නිවාඩු දී තිබුණි.
එහෙත් අනෙක් වසර වල සිසුන්ද උණ සෑදී අසනීප වීමට පටන් ගැනීම නිසා කෘෂි පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පීඨයේ සිසු සිසුවියන් 80කට වැඩි පිරිසක් පසුගිය දින කිහිපයේදී උණ සෑදී අසනීප වී තිබූ බවයි.
මේ පිලිබඳව කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රසාද් කොඩිතුවක්කු මහතා කියා සිටියේ තමන්ට ඒ ගැන තොරතුරු ලැබී ඇති නිසා ඒ පිලිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවා ඇති බවයි.