වෛරස් උණ වැළඳුනු දරුවන්ගෙන් කරාපිටිය රෝහල උතුරයි


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද / උණවටුණ ඩී. ජී. සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)


කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ වෛරස් උණ වැළදිමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරීයාම නිසා  එහි ඇඳක් වෙන්කර ගැනිමට නොහැකිවිමෙන් දැනට මාස දෙකක සිට වෙනත් ළමා ශල්‍ය කර්ම කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව කරපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාව මගින් මෙම මාධ්‍ය හමුව සංවිධනය කර තිබුණි.

පිළිකා හා වෙනත් බරපතල රෝග නිසා කළ දරුවන්ට කළ යුතු  ශල්‍ය කර්ම මෙම තත්වය නිසා කිරීමට නොහැකි වි ඇති බවද ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය. එමෙන්ම මෙකි වෛරස් උණ රෝගි තත්වය  හේතුවෙන් ජනතාව අතර පවතින අනියත බිය නිසා වෙනත් රෝග සදහා  රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බවද, ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මෙම අනියත බිය නිසා ශල්‍ය කර්ම සඳහා දින ලබාදුන් රෝගින්ද  නොපැමිණෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.  මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේසේද ප්‍රකාශ කළේය.

දකුණු පළාතට තියෙන්නේ එකම ළමා දැඩිසත්කාරක එ්කකයයි. මෙහි වෛරස් උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරි පැවතීම නිසා වැඩිහිටියන් ඇතුලත් කරණ දැඩිසත්කාරක ඒකකවලට අැතුළත් කරලා දරුවන්ට ප්‍රතිකාර කිරිමට වෙලා තියෙනවා. මෙහි  ඇඳන් 07ක් තියෙනවා. එක් ඇදක වටිනාකම  ලක්ෂ 50ක් විතර වෙනවා.  ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳන් පිරීගොස් ඇති නිසා  දැනට මාස දෙකක විතර සිට ළමා ශල්‍යකර්ම කිරීමට ක්‍රමයක් නැත. එම දරුවන් නිවෙස්වලට යවා ඇත.

මේ නිසා ළමා දැඩි සත්කාරක ඒකකයට රෝගින් බාරගැනීමට බැරි තත්වයක් මතුව තිබේ.  ළමා දැඩිසත්කාරක ඒකකය ඉදිකර ඇති ගොඩනැගිල්ලේ තවත් ඇඳන් හයක් දැමිය හැකිය. ඇඳන් හයකට උපකරණ ලබාදෙන්නැයි සෞඛ්‍ය
අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. උපකරණ සහ අනෙක් දේවල් ලබාදීමට ඉක්මන් පියවරක්  ගන්නා ලෙස ඉල්ලා සිටියි.