වෛරය නිවන සනාතන නියමය


කවර දාවත්                  ලොවේ වෙරින් වෙර නිම             නොවේ අවෙරින් ම වෙර                නිවේ සතිර දම එය ම                 වේ ( කාළි යකිනිය වෙනුවෙනි )
ගී පබැඳුම - තිලක් නවරත්න
යමක වග්ගෝ න හි වේරේන වේරානි සම්මන්තිධ කුදාචනං අවේරේන ව සම්මන්ති ඒස සනත්තනෝ

නිදාන කතාව

දරුවන් මැරෑ  කාළි යස්සනී

සැවැත් නුවර එක් තරුණ විවාහකයෙක් වාසය කළා. සිය පියාණන් ගේ මරණින් පසු ගේ-දොර වතු-පිටි බලා-හදාගෙන වැඩිදියුණු කැරැුගෙන මවට ද නෑසියනට ද සලකා බලාගෙන හොඳින් වාසය කළා. පුතු ගේ මනා පැවැතුම ද දියුණ ද දුටු මව ඔවුනට කරකාරයක් කරදුන්නා. රූ සිරි නො අඩු වූවත් ලේලියට දරුවන් ලැබුණේ නෑ.දරුවන් නැතිකමින් පවුලේ දේපල අපතේ යති’යි සලකා වෙනත් තරුණියක ද පුතුට පාවා දෙන්නට මව අදහස් කළා. වඳ බිරිය ද ඊට කැමැත්තදුන්නාබිරියන් දෙදෙනා ම සමඟි ව එකගෙයි විසුවා. දරුවන් ලදොත් දෙ වන බිරිය වැඩි සැලැකිලි ලබනු ඇතැ’යි පළමුවන බිරිය ඉසි සිත් ඇති කළා. දෙවන බිරිය දෙවරක් ම ගබ් ගත්ත ද දෙවන බිරියට ගබ්සා ඔසු අහරට මුසු කැර ඇයට හොරා ම ගබ්සා වන තැනට වැඩ යෙදුවා. තෙ වන වර ගබ් ගත් වග වහන් කළ නිසා ගබ මේරුවා මේරූ ගබ දුටු පළමු බිරිය කෝප ව අහරට ගබ්සා ඔසු යළි දු මුසු කළා. මේරූ කලලය ගබ්සා වුණේ නෑ.දෙවන බිරිය නුඹ මගේ දරු දෙ දෙනකු ම මැරුවා. දැන් තුන් වැන්නාත් මාත් මියැදෙනවා.‘මම මතු බවයන්හි යකිනියක ව ඉපිද නුඹත් නුඹේදරුවනුත් මරනවා’ යි පැතුවා. මතු බවයන්හි ඒ කුපැතුම එසැටි ම ඉටු වුණා.මෙ බවයන්හි දී යකිනියක වී දරු දෙදෙනකු ම මැරුවා. බුදු රදුන් විසින් තෙ වන දරුවා බේරා ගැනුණා. වයිරයෙන් වයිරය නොසන්සිඳෙන වග වදාළා. දෙ දෙන සමඟි කරවා වෙර සංසිඳවා වදාළා.