(රංජන් කස්තුරි)
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව සම්බන්ධ ගැටළුවලට සඳුදා වන විට විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා(10) වැඩ වර්නජයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
වෛද්‍ය පත්වීම් ලැයිස්තුවේ ගැටළුව විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයින් රාජ්‍ය සේවා කොමිසම සමග හෙට (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

