ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවත්, ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ටද වැඩ වර්ජන සුදුසු නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ගැටළු විසඳාගැනීම සාකච්ඡා මාර්ගයෙන් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ඉතා සංවේදීව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. එරාන් වික්‍රමරත්න මහතා එලෙස කීවේ අද (15 වැනිදා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“වෛද්‍ය වෘත්තියේදී ස්වයං පාලනය තිබිය යුතුමයි. වෛද්‍යවරුන් තුළම ස්වයං පාලන ඇති කර ගතයුතුයි“
“වෛද්‍යවරුන් වනවිට ඔවුන් දිවුරුමක් දෙනවා. වෛද්‍ය වෘත්තිය අපි සලකන්නේ අනිකුත් වෘත්තීන්ට වඩා ඉහලින්. ඒමොකද අපි විශ්වාස කරනවා වෛද්‍යවරුන් වැඩ කරන්නේ ආර්ථික ප්‍රතිලාභවලට පමණක් නොවේය කියා. ඒ නිසා ස්වයං පාලනයක් තිබියයුතුයි“
“වෛද්‍ය අංශයේ සැපයුම අඩුයි. රජයේ රෝහලකට ගියත් ඒ සේවය ලබාගන්න පැය දෙක තුනක් ඉන්න වෙනවා.“
“වෛද්‍යවරුන් බොහොමයක් මේරටේ ඉන්නවා කියලා වෛද්‍යවරුන් කියනවා. නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලුවොත් රෝගියා සැහීමකට පත්වෙන්නේ නැහැ. මෙයට විසඳුමක් ලෙස සැපයුම වැඩි කළොත් දීර්ඝ කාලීනව මේ ප්‍රශ්න මීට වඩා අඩුවෙනවා.“ යයි කී ඉරාන් වික්‍රමරත්න මහතා...
“රජයේ නොවන පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ ඇතිවුනාහම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ටත් වෛද්‍ය වෘත්තිකයන්ටත් නැවතත් මෙරටට පැමිණීමට පෙළඹවීමක් ඇතිවේවි. සමහර අය රාජ්‍ය ආංශය තෝරාගනිවි. නමුත් සමහර අය රාජ්‍ය නොවන අංශය තෝරාගන්න කැමතියි. ලෝකයේ වැදගත්ම වෛද්‍ය විද්‍යාල පාලනය කරන්නේ රජය නොවෙයි.‘‘ යයිද පැවසීය.
- 044

