වෛද්‍යවරු ’ග්ලයිෆොසෙට් තහනම ඕනෑ’ යයි කියති


(රංජන් කස්තුරි) 
දැන්ට ක්‍රියාත්මක ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් ක්‍රියාත්මක  කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය  සඳහන් කරයි.
හඳුනා නොගත් වකුගඩු රෝග හා පිළිකා ඇතුළු බෝ නොවන රෝග රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් වස විස සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු යැයිද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ  ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රටපුරා බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට වස වස විස ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක් වන බවද එම නිසා ගලයිෆොසෙට් තහනම දිගටම පවත්වාගත යුතු යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

කෘෂි රසායන හඳුන්වා දීමට පෙර තේ වගා කළ ආකාරයට නැවතත් තේ වගා කළ යුතු අතර  එසේ නොමැති නම් පලිබෝධ මර්ධනය සඳහා විකල්ප මාර්ග වෙත අවධානය යොමු  කළ යුතු බවද ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

දැනට පවතින ගලයිෆොසෙට්  තහනම ඉවත් කර ගැනීම සඳහා දුමින්ද දිසානායක, නවීන් දිසානායක යන ඇමැතිවරුන්ගේ බලපෑම් සිදුකරන බවට මාධ්‍ය වාර්තා පලවී ඇත.