(රංජන් කස්තුරි )
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් මේ මස 17 වැනිදා සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව රටපුරා සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරු 17 වැනිදා පෙරවරු 8සිට පසුදින පෙරවරු 8 දක්වා එම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ වනවිටත් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම හොර රහසේ අත්සන් කර තිබෙන බවද එමගින් රටට විශාල හානියක් සිදුවන බවද ඔහු කීය.