වෛද්‍යවරියගේ මරණය ගැන විවෘත තීන්දුවක්


 (ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිල නිවාසයේදී මිය ගිය එම රෝහලේ නිර්වින්ද වෛද්‍යවරියගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර මෘත ශරීරයේ කොටස් ගණනාවක් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙස මහනුවර අධිකරණ විශේෂඥ වෙද්‍ය එම්. සිවසුබ‍්‍රමණියම් මහතා පොලීසියට උපදෙස් දී ඇත.

ඉකුත් 22 වැනිදා දින හෝ 23 වැනිදා නුවරඑළිය මහ රෝහලේ නිල නිවාසයකදී මිය ගිය වෛද්‍යවරියගේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගෙන් ලබා ගැනීමට නුවරඑළිය පොලීසිය කළ ඉල්ලීමකට නුවරඑළිය මහේස්ත‍්‍රාත්වරයා විසින් අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙම මරණය සම්බන්ධව පස් දෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර තවත් තිදෙනකුගෙන් සාක්ෂි ලබා ගැනීමට ඇති බව නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ප‍්‍රදීප් කුමාර මහතා පැවසීය.