(උපාලි ආනන්ද)
විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ 100 ක් සහ රුපියල් ලක්ෂ 34 ක් වටිනා කැමරා උපකරණ වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සෆාරි සේවා සපයන්නෙක් ඇප මත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් රමිලා නදීෂානී මහත්මිය නියෝග කළාය.
රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප පහක් මත සැකකරු මුදාහැරිණි.
ලබන ජුලි 10 වැනි දා යළි නොච්චියාගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කැරිණි.
මෙලෙස ඇප මත මුදාහැරුණේ නොච්චියාගම විල්පත්තුව පදිංචි ඉසුරු චතුරංග දයානන්ද නම් වේ.

