(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බවට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුවා මේ මස 14 වැනි දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද(10) නියෝග කළේය.
මෙසේ ළමා නිවාස ගත කරනු ලැබුවේ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිසුවාගේ මව සිද්ධිය වු දින උදෑසන රෝහලේ 19 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර සැකකරු මව බැලිමට දහවල් දොළහයි තිහට පමණ වාට්ටුවට ගිය අවස්ථාවේ මවට ප්‍රතිකාර කර නොමැති බව පවසා වෛද්‍යවරයාට පහරදි ඇති බවයි.
සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සැකකරු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකු වන අතර කිසිසේත් පහර දිමක් කර නොමැති බවයි.ඔහුගේ මව ප්‍රතිකාර සදහා එම වාට්ටුවට ඇතුළු කර ඇති බවත් මවගේ තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් විමසුවිට වෛද්‍යවරයා උරණවි ඇති බවත් නිතිඥවරු කියා සිටියහ.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු පාසල් සිසුවෙකු නිසා දින දා හතරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකරන බව කියා සිටියේය.ඒ අනුව 14 දක්වා ළමා නිවාසයේ රදවා තැබිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරිවාස වාර්තාවක් කැඳවිමට ද නියම කළේය.