(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බවට අත්අඩංගුවට ළමා නිවාසයේ රඳවා සිටි පාසල් සිසුවා රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (14) නියෝග කළේය.
නඩුව සමත මණ්ඩලයට යොමු කර සමත මණ්ඩල වාර්තාව සැප්තැම්බර් 11 වැනි දා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකි.
ඉකුත් 10 වැනිදා සිසුවා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සිසුවාගේ මව 9 වැනි දා උදෑසන රෝහලේ 19 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති අතර සැකකරු මව බැලීමට වාට්ටුවට ගිය අවස්ථාවේ මව වෙනත් වාට්ටුවකට මාරුකර තිබියදී එසේ මාරු නොකර ප්‍රතිකාර ද කර නොමැතිව තබාගෙන සිටින බව පවසා වෛද්‍යවරයාට පහරදී ඇති බවයි.
එහිදි සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සැකකරු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකු වන අතර කිසිසේත් පහර දිමක් කර නොමැති බවය. ඔහුගේ මව ප්‍රතිකාර සඳහා එම වාට්ටුවට ඇතුළත් කර ඇති බවත් මවගේ තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් විමසු විට වෛද්‍යවරයා උරණවී ඇති බවත් නිතිඥවරු කියා සිටියහ.