වෛද්‍යවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොටහේන බ්ලූමැන්ඩල්  පටුමග නිවසකදී වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් තිදෙනකු  අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර  බාලවයස්කාර දරුවන් දෙදෙනකු සිටින බවද පොලීසිය කියයි.

ඔවුන් විසින් ද්‍යෛවරයා ඝාතනය කර නිවස කොල්ලකා  රැගෙන ගිය මුදල්,ලැප්ටොප් පරිගණකයක්, අත්ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ රැසක්   සොයාගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සඳහා පැය 72 ක රැදවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය කියයි.