ඉන්දිකා රාමනායක
සයිටම් විරෝධී අරගල වල නිරතව සිටි රජයේ වෛද්‍යපීඨ සිසුන්ගේ මහපොළ ගෙවීම් කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් එම සිසුහු අද (15) මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
සයිටම් විරෝධී අරගල හේතුවෙන් වෛද්‍ය සිසුන් මාස 9 ක කාලයක් පුරා පන්ති වර්ජනය නිරතව සිටි අතර එම කාලය තුළ මෙම මහපොළ කපාහැර ඇති බව සිසුන් ගේ පැමිණිල්ළේ සඳහන් වේ.
වෛද්‍ය සිසුන්ට වසර 5 ක කාල සීමාව සඳහා මහපොළ වාරික 50 ක් හිමි වන බවත් දැන් එම ගෙවීම් වාරික 40 ක ප‍්‍රමාණයකට සීමා කර ඇති බවද එම සිසුහු පවසති.
තමන් පන්ති වර්ජන වල නිරත වුවද අධ්‍යනය වර්ෂවල කිසිදු අවුඩවක් සිදු නොකරන බවත් එසේ තිබියදී මහපොළ මෙලෙස සීමා කිරීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යන කටයුතු වලට බාධා එල්ල වන බව සඳහන් කරමින් වෛද්‍ය සිසුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි සංගමයේ සභික සුසිත් ප්‍රියංකරගේ ප‍්‍රධානාත්වයෙන් පැමිණි පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.