වෛද්‍ය හා නාවික හමුදා ලාංඡන අවභාවිතාකර කුඩු හා ගංජා ඇද්ද දෙකක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෛද්‍ය ලාංඡනය හොරට අලවා මෝටර් රථයකින් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ නාවික හමුදා ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු මරදාන සංඝරාජ මාවත පොලිස් මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සහ ගංජා ග්‍රෑම් 38ක් පොලිස් බාරයට ගෙන ඇත.

වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර පැමිණි මෝටර් රථය පිළිබඳ ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී එහි තිබී ගංජා ග්‍රෑම් 38ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

නාවික හමුදා ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමින් සැරසී තී රෝද රථයක ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී එහු සන්තකයේ තිබේ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් පොලිසිය පවසයි.