වෛද්‍ය සිසුවිය ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවයි


(උපාලි ආනන්ද)

දින 12ක් වයසැති තම පිරිමි දරුවා රාත‍්‍රි කාලයේ තනිකර බෙහත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවිය සම්බන්ධයෙන් ලබන ජනවාරි 12  වැනිදා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද නියෝග කළේය.

සැකකාර වෛද්‍ය සිසුවිය  විසින් අතහැර කෲරත්වයට පත් කර ඇති බව කියන දින 12 ක් වයසැති දරුවා සමිබන්ධයෙන් එදිනට පරිවාස වාර්තාවක් කැදවන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.

ජනවාරි   මස  12 යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සැකකාර වෛද්‍ය සිසුවියට නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටිනුයේ පොලොන්නරුව මැදිරිගිරියේ  විසි දෙහැවිරිදි වෛද්‍ය සිසුවියකි.

දරුවා ප‍්‍රසූත කල මව සහ දරුවා සමිබන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැදවන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට මීට පෙර නියෝග කෙරුනු අතර එම නියෝගයට අනුව සැකකාර මව සහ දරුවා හෙදියකද සමග  පොලිස් ආරක්ෂාව යටතේ කොළඔ බොරැල්ල ජින්ටෙක් ආයතනයට රැුගෙන ගොස් ඞී එන් ඒ වාර්තාවක් ලබා ගැනිණි. දරුවාගේ මව මෙම වෛද්‍ය පීඨ සරසවි සිසුවියක වන  කාන්තාව බවට අදාල ඞී එන් ඒ පරික්ෂණයේදී සියයට සියයක්ම තහවුරු කරනු ලැබ තිබේ.