(ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි .
සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පොලීසියට පැමිණ බාරවී මෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත .
අඩංගුවට ගත් සැකකරු දංකොටුව වලව්වත්තේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
සැකකරුද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

