(ඉන්දිකා රාමනායක)
සයිටම් අර්බුදය විසදීමට රජය අසමත් වුවහොත් සිය උපවාසය ඉදිරියේ දී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධන කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නිතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික සම්මේලනය මෙම ඉරිදා දින (29) සවස 1.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ දී පැවැත්වෙන බවත් එහි දී මේ පිළිබඳ තීරණයකට එළබෙන බවද ඒ මහතා පැවසීය.
සාකච්ඡාව, සම්මන්ත‍්‍රණය වෙනුවට මර්ධනයෙන්, ප‍්‍රහාරයෙන්, රජයේ වෛද්‍ය විද්‍යාල දරුවන් මහමඟට ඇද දමා අනාගත සෞඛ්‍ය කේෂත‍්‍රය ඛේදවාචකයක් බවට පත්කොට නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍යත් පුද්ගලීකරණය කොට විකුණා දැමීමේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව සිය විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා එදිනට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට පැමිණෙන ලෙසට ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

