( ලහිරු හර්ෂණ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සාෆි මහතා අද උදෑසන බන්ධනාගාර බසයෙන් කුරුණෑගල බන්ධනාගාරය දක්වා රැගෙනවිත් තිිබිණි. අනතුරුව දහවල් බන්ධනාගාර බසයෙන් රැගෙනවිත් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට වෛද්‍යවරයා ඉදිරිපත් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් මැද වෛද්‍යවරයා අධිකරණයට ගෙනවිත් තිබු අතර , අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.
වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.


(ඡායාරූප -ලහිරු හර්ෂණ)

