රංජන් කස්තුරි
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාල තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර තොගයක් බලහත්කාරයෙන් පරීක්ෂා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව අද (18) මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා සහ වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු බලහත්කාරයෙන් එම තැපැල් ඡන්ද පත්‍රිකා පරීක්ෂා කළ බවද ඔවුන් එසේ කළ බව සී සී ටී වී කැමරා වල පටිගතව තිබෙන බවද ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පොලිසියට කර ඇති පැමිනිල්ලේ සඳහන් වේ.

