වෛද්‍ය සභා භූමියෙන් අත්බෝම්බයක් සොයාගනී



(ගයාන් අමරසේකර)
කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී පුපුරා නොගිය අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි.  වෛද්‍ය සභාවේ දැනුම් දීමකට අනුව එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම අත්බෝම්බර රැගෙන ගියේය.  පෙර දින රාත්‍රී කිසියම් දෙයක් වැටුණු ශබ්දයක් ඇසී බැලුවද කිසිවක් නොදුටු බවත්, අද අලුයම එම භූමියේ තිබී පිපිරී නොගිය අත් බෝම්බය දුටු බවත් එහි ආරක්ෂක අංශ පොලිසියට පවසා ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික  වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසා සිටියේ මෙම ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ලිපි ගොනු හා නඩු වාර්තා රැසක් ගබඩා කර ඇති බවයි. එම අත්බෝම්බයේ ආරක්ෂක අගුලද ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.