(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඞ් ෂාෆි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද විමර්ශනවලට අදාළව කාන්තාවන් 421 ක්, වෛද්‍යවරුන් 32 දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 540 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ප‍්‍රකාශ ලබාගත් අය අතර, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකු, හෙදියන් 69 දෙනෙකු සහ රෝහලේ සේවකයින් 18 දෙනෙකු ඇතුළත්ව ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

