වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි 16 ක්


(පුෂ්පකුමාර ජයරත්න )

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.