(පුෂ්පකුමාර ජයරත්න)
සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (30) වනවිට පැමිණිලි 301ක් ලැබී ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි බාර නිලධාරියෙක් පැවසීය.
අද දිනයේ පැමිණිලි 99 ක් ලැබුණු බවත්, ඊයේ (30) පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත් හෙතෙම පැවසීය.
මේ වනතෙක් ලැබී ඇති පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් වීම විශේෂ කරුණක් බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
අද දින පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවද ඔහු පැවසීය.

