වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනට සය පුද්ගල කමිටුවක්


(රංජන් කස්තුරි)
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සය පුද්ගලය විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා එම  විමර්ශන කමිටුවේ සභාපතීත්වය දරයි.
 
කමිටුවේ සෙසු සාමාජිකවරුන් ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය(විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ, සෞඛ්‍ය අමාත්‍යාංහයේ අධ්‍යක්ෂ එල්.ඒ. බස්නායක සහ විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන යන මහත්වරුන් පත්කර ඇත.
 
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව පැමිණිලි විමර්ශන කර, නිරීක්ෂණ හා නිර්දේශ සහිතව මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළතද, සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබාදෙන්නැයි සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම කමිටුවට දැනුම් දී තිබේ.
 
විමර්ශනයේදී වෛද්‍ය ෂාෆි මහතා වරදකරුවකු බව ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.