දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි.
සයිටම් සිසුන්ට සති පහක සායනික පුහුණුවකින් පසු ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය සභාව එකඟ වී ඇතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (30) ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය අද (31) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට නියෝජ්‍ය ආමැති ආචාර්ය හර්ෂද සිල්වා පොරොන්දු වුවත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද, එනිසා ජනවාරි මාසයේ දිනක අඛණ්ඩ උපවාසයක් අරඹන බව ද එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

