වෛද්‍ය පාදෙනියට එරෙහි පෙත්සම මැයි 10 විභාගයට


රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර

රැස්වීමකදී කළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදුවීයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ගොනු කොට ඇති පැමිණිල්ල ලබන වසරේ මැයි 10 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය අද  තීරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය සහ පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන්  අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමමේ වගඋත්තරකරු වශ්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කොට ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.