සයිටම් ආයතනයේ උප සභාපතිනි හිමාලි ජයතිලක මහත්මිය නිවේදනයක් යොමු කරමින් කියා සිටිනුයේ එම ආයතනයේ වෛද්‍ය පීඨයේ MBBS පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමක් මේ දිනවල නොකෙරෙන බවයි.
ඔක්තෝබර් 20වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ ‘සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ‘ මැයෙන් පළවූ පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිමාලි ජයතිලක මහත්මිය එම පුවතේ පළවූ පරිදි රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා විසින් සයිටම් ආයතනය පිළිබඳව කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බවද කියා සිටින්නීය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දැනුම් දීම මත සයිටම් ආයතනය මේ වනවිට වෛද්‍ය පීඨ පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇති බවත් එම ආයතනය ශ්‍රී ලංකා රජයේ උපදෙස් හා නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට බැඳී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

