(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රතිකර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇඳ මාංචු සහ අත් මාංචු කූට්ටම් යවා ඇතත් වෛද්‍ය නිර්දේශ මත ඒවා නොදැමූ බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවැසීය.
බන්ධනාගාර නියෝග වලට අනුව සැකකරුවෙකු හෝ සිරකරුවෙකු රෝහල්ගතවූ විගසම ඇඳ මාංචු දැමීම සිදුවන බවත් සැකකරු පලායාම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට එහි හෘද රෝග ඒකකයේ පසුවෙයි.
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් යටතේ නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාවට ඒ මහතාට ලබාදී ඇතැයිද වාර්තා වේ.

