වෛද්‍ය දන්තනාරායනගේ බිරිඳ ගාල්ලේදී සැමියාගෙන් සමුගනී


 (සිරංගිකා ලොකුකරවිට)

 කොරෝනා අසාදිතව මිය ගිය  ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ බිරිඳ  අද (02) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණ සිය සැමියාගේ දේහය හඳුනාගැනීමෙන් අනතුරුව  අවසන් ගෞරව දක්වා දේහය ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා  පවසයි.       

ඇයද කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවසේ නිරෝධායනයේ සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්  සිය සැමියාගේ දේහයට අවසන්  ගෞරව දැක්වීමට පැමිණ තිබිණි.
 
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ මරණය කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් හා දීර්ඝකාලීනව පැවති දියවැඩියාව අධික රුධිර පීඩනය තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇතැයි සිදු කරන ලද මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි   දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය, අධිකරණ වෛද්‍ය සමාධි දන්දෙණියආරච්චි මහත්මිය  පැවසුවාය.

දේහය ගාල්ල දඩල්ල සුසාන භූමියේ දී අද (02) සවස ආදාහනය කරන බව ද අධිකරණ වෛද්‍ය අංශය පවසයි.