වෛද්‍ය ගුවන් යානයක් කඩා වැටී 5ක් මරුට


මෙක්සිකෝවේ සිට පැමිණි වෛද්‍ය ගුවන් යානයක් ගැල්වෙස්ටන් බොක්ක ආසන්නයේදී ඊයේ (22) දින කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

මෙක්සිකානු වෛද්‍ය සහන මෙහෙයුමක් සිදු කරමින් තිබූ නාවික හමුදා ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වී ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය ටෙක්සාස් හි ගැල්වෙස්ටන් වෙත ළඟා වෙමින් සිටියදී අනතුර සිදුවී ඇති බව ද වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ  නාවික හමුදා නිලධාරීන් 4කු සහ  කුඩා දරුවකු ඇතුළු  සිවිල් වැසියන් 4කු සිට ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයින් 5 දෙනා අතරට කුඩා දරුවාද අයත් බව  මෙක්සිකෝ නාවික හමුදාව පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරින් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති බව හා එක් අයෙකු තවමත් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැල්වෙස්ටන් ප්‍රදේශයේ තිබූ ඝන මීදුම තත්වය නිසාවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි එරට බළධාරීන්  සැක පළකරන බවද විදෙස් මාධ්‍ය පවසයි.

අන්තර්ජාලය ඇසුරෙන්

(හසිනි න⁣වෝද්‍යා)