(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වන "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" ජනවාරි 31 දා වන විට ඇරැඹීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
"අපේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලමින් මේ රටේ රැඳෙමින් වෛද්‍යවරුන් රටේ ජනතාවට උපරිම සේවයක් ලබාදෙනු ඇතැයි අප සිතනවා.ඔවුන්ටම අනන්‍ය වූ ශ්‍රී ලංකා වෛද්‍ය සේවය අරඹන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ,වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා.
ජනවාරි 31 වන විට ඒ සියලු පාර්ශව කැඳවා ශ්‍රී ලංකා වෛද්‍ය සේවය ඇරැඹීමට කටයුතු කරනවා.අපි වෘත්තිකයන් මෙරට රඳවා ගැනීම සඳහා ලබාදිය හැකි සියලු ඉල්ලීම් ලබා දෙන්න සූදානම් ආණ්ඩුවක්"යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

