රංජන් කස්තුරි
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනූජ් වීරසිංහ මහතා පැවසීය.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ එකඟත්වය මත සකස්කොට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ඇතුළත් ලියවිල්ලේ තිබූ කරුණු වෙනස් කිරීමේන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ බලතල සීමාවී තිබෙන බවද ඔහු කීය.

