කැලණිය වේවැල්දූව කාමර කුලියට දෙන හෝටලයට අද (17) පැමිණි මර්වින් සිල්වා මහතා එය වසා දමන්නැයි හිමිකරුට දැන්වීය.
ඇමති එනතුරු ප්‍රදේශවාසිහූ වේවැල්දූව ඤාණවිමලරාමයට රැස්ව සිටියහ.
මේ හෝටලය තිබෙන්නේ නිවාස සංකීර්ණයක් අසලයි.
ඇමති මෙසේද කීවේය,
‘‘පිඩාකාරී අන්දමින් විවිධ දේ සිදුවෙන බව ප්‍රදේශවාසින් කියනවා. අධිකරණයටත් ගමේ අය ගිහින් තිබෙනවා. ඒ නිසා අදම හේ හෝටලයේ කාමර විකිණිම නවතා දමන්න ඕනෑ. මම මේ හෝටලයෙන් කලා බීලා නෑ. සල්ලි අරන් නෑ. වෙනත් වැඩි ප්‍රයෝජන අරන් නෑ. ඒ නිසා මට බියක් නැතිව කතා කරන්න පුළුවන්‘‘.

