වේල්ස් කී‍්‍රඩකයෝ විශාලතම ජය ලබති
ස්කොට් විලියම්ස්ගේ උත්සාහක දිනුම් ති‍්‍රත්වය හේතුවෙන් නැම්බියාව සමග පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 81-7 ක් ලෙසින් ජයගැනීමට වේල්ස් කණ්ඩායම සමත් විය. වේල්ස් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කළ විශාලතම ජයග‍්‍රහණය මෙයයි.
වේල්ස් කණ්ඩායම තරග තුනකට සහභාගී ව තරග දෙකක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු 10ක් ඇතිව එහි දෙවන ස්ථානයේ පසුවන නමුත් සැමෝවා පිල ද තරග තුනකට සහභාගීව තරග දෙකක් ජය ගනිමින් සම මට්ටමේ පසුවේ.එහෙත් වේල්ස් පිලට ෆීජී පිල සමග පැවැත්වෙන තරගය ජය ගතහොත් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව සැලසේ. දැනට එම කාණ්ඩයේ පෙරමුණේ පසුවන්නේ අපරාජිත දකුණු අපි‍්‍රකානු පිලයි.
නැම්බියා කණ්ඩායම මෙම කාණ්ඩයේ තමන් සහභාගී වූ තරග හතරම පරාජයට පත් වූ අතර ඔවුන්ගේ අවසන් තරග තුනම දැවැන්ත ලකුණු ප‍්‍රමාණයකින් පරාජයට පත් වීම කැපී පෙනේ. ඔවුන් දකුණු අපි‍්‍රකානු පිල සමග පැවැති තරගය 87 - 0 ලෙසින් ද, ෆීජී පිල සමග පැවැති තරගය 49 - 25 ලෙසින් ද, සැමෝවා පිල සමග පැවැති තරග 49 - 12 ලෙසින් ද එමෙන්ම දින තුන හතරක් ඇතුළත දැවැන්ත පරාජ ලැබුවේය.

