වෙලේසුදාගේ මූල්‍ය පාලක වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් නම් හෙරොයින් මත් කුඩ විකුණූ බව කියන පුද්ගලයා ලබන 17 වැනි දා තෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
අපරාධ මගින් සොයා ගත් කොටි ගණන් මුදල් ආයෝජනයෙන් කළු සල්ලි සුදු කිරීමට ඔහු උත්සාහ කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
එවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් සාලිය කුමාර හා මොහොමඩ් සිද්ධික් යන තිදෙනා ද එදින තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සුරාස් අහමඩ් හබරණ කැළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

