වෙළෙඳපොළට වැලිමලු නිකුත් කිරීමට පියවර



(විනීතා එම් ගමගේ)


කුඩා ප‍්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වැලි අවශ්‍ය වන අවස්ථාවන්හිදී නාගරික ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලෙස කිලෝ 10, 25 හා 50 ප‍්‍රමාණවලින් වැලි උර වෙළඳපොළට නිකුත් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පියවර ගෙන ඇත. 


මෙසේ වැලි මලු  සකස් කරන්නේ හැලීමෙන් පසුව බවත් ඉතා හොඳ ප‍්‍රමිතියෙන් යුත් වැලිමලු මෙසේ වෙළඳපොළට  නිකුත් කරන බවත් භූ විද්‍යා හා පතල්  කැණීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දෙවෙල  මහතා ලංකාදීපයට පැවැසීය.


වැලි මිල පාලනය සඳහා මෙම වැලි මළු වෙළඳපොළට නිකුත් කරන බවත් මෙම ව්‍යාපෘතිය තුළින් කාර්යංශයට ලාභ නොලැබෙන අතර සමාජ සත්කාරයක් ලෙස මෙම කටයුත්ත ක‍්‍රියාවට නැගෙන බවත් හෙතෙම කියා සිටියේය. 


ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා  බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ වැඩපිළිවෙළක් එක් අංගයක් ලෙස මෙම කටයුත්ත සිදුකරන බව ද සභාපතිවරයා කීය.