මේ වසරේ මුල් මාස හත අවසානයේදී වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 5328.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 541ක් වූ වෙළෙඳ හිඟය මේ වසරේ ජූලි මාසයේදී එක්සත් ඇමෙරිකානු මිලියන 575ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මේ වසරේ පළමු මාස හත තුළ සමුච්චිත වෙළෙඳ හිඟය 2016 වසරේ මුල් මාස හත හා සැසඳීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4,732 සිට 5,329ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත අනාවරණය කරයි.
අපනයන ඉහළ යෑම හා මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය අඛණ්ඩව වර්ධනය වූ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජූලි මාසයේදී අපනයන ආදායම වැඩි වුවද ආනයන වියදම ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව පුළුල් වූ බව ද සඳහන් කරයි.
මේ වසරේ ජූලි මාසයේදී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් අඩු වී තිබෙන අතර පසුගිය මාස හතර පුරා පැවැති අඩුවීමේ ප්‍රවණතාව වෙනස් කරමින් විදේශ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් රජය වෙත ලැබුණු දිගුකාලීන ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන වාරිකය ලැබීම මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ආයෝජන සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් ශක්තිමත් වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
055

