
(අංජුල මහික වීරරත්න)
තාක්ෂණික සහයෝගීතාවයට සහ වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතයට ගෙන ඉන්දියාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.
තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයකදී ජය ගැනීමට හැකි වූ බවයි .

